පැමිණිල්ලක් ලැබුනොත් ලොහාන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට සූදානම්

ගිනි අවියක් රැගෙන බන්ධනාගාරයට ඇතුළු වීම සහ බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු දණ ගස්වා, හිසට පිස්තෝලය තබා, මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන්, හිටපු බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට සූදානම් බව පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා තිබේ.

ලොහාන් රත්වත්තේ අත තිබුණු ගිනි අවිය අවසර ලත් ගිවි අවියක් විය හැකි නමුත්, ගිනි අවියක් රැගෙන බන්ධනාගාර පරිශ‍්‍රයට ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිවකු හෝ ඔහුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නම්, නීතිමය කි‍්‍රයාමාර්ග ගත හැකි බව ඇමති සරත් වීරසේකර, අද නිකුත්ව තිබෙන ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

  1. පැමිණිල්ල දාන්න වෙන්නේ සිරගතව ඉන්න දනගහපු දෙන්න තමයි ඒ නිසා ලොහෝහාන්ට එහෙම පැමිණිල්ලක් නැති නිසා නීතිය ක්‍රියාත්මක කරන්න හේතුවක් නෑ කියයි.හොඳ නීතිය බල්ල ගිය නීතිය.

  2. ගනිකා නිලියන්ට ජංගි සපයන ඇමති කියන කතාව. හිරෙ උන් කොහොමද පැමිනිලි කරන්නෙ? උන්ට එකට අවස්තාවක් දෙන්නෙත් නෙහෙ , දුන්නත් උන්ව වෙන ක්‍රමයකින් නවතනවා; ලෝහාන් පිලිගන්නවනම් වරදක් කලා කියල ; එකම ඇති නඩුවක් දමන්න; සරත් වීරසේකර ජංගි සපයන ඇමති බලු කතා කියන්නෙ දෙන්

  3. නඩුත් හාමුදුරුවන්ගෙලු බඩුත් හාමුදුරුවන්ගෙලු . මේ රජය යටතෙ නීතිය අවබාවිතය වෙඩි වෙලා තිබ්බ යහපාලන ජඩපාලන රජයටත් වඩා. මිනිස්සු චන්දෙ දුන්නෙ මෙවාට නෙමෙ . එහෙමනම් තිබ්බ ජඩපාලන රජය මීට වඩා හොන්දයි . දෙන් නීතිය උසාවිය පොලීසිය කලු කොට් කාරයන් නඩු කාරොයො බල්ලන් ගානට ගිහින්