නිවසේදී මියගිය පුද්ගලයාගේ දේහය රෝහලේ දී මාරුවෙලා

නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් කොවිඩ් පරීක්ෂණ සඳහා රෝහලට රැගෙන යෑමෙන් පසු මාරුවීමේ පුවතක් ඇල්පිටිය මූලික රෝහලෙන් වාර්තා වී තිබේ.

ඒ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයකුගේ දේහයක් සම්බන්ධයෙනි. 

නමුත් පසුව මල් ශාලාවෙන් දැනුම් දී ඇත්තේ අදාළ පුද්ගලයාගේ මෘතදේහය වෙනුවට එහි ඇත්තේ මියගිය වෙනත් අයෙකුගේ දේහයක් බවය.

කෙසේවෙතත් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත නොවූ බව දැනගැනීමෙන් පසු දේහය නිවසට රැගෙන ඒම සඳහා කටයුතු සුදානම් කර ඇති ආකාරය ද එහිදී දක්නට ලැබුණි.

“නෙගටිව් කිව්වා PCR එක. වාහනයට දේහ දෙකක් දාලා තිබුණා.  අපිට මුහුණ පෙන්නුවේ නෑ. පැයකට පස්සේ මල්ශාලාවෙන් කිව්වා ඔයගොල්ලොන්ගේ දේහය හම්බවුණේ නෑ. එතනට ඇවිත් කවුරුහරි හඳුනගන්න කියලා. හෙව්වා 6 වෙනකම්. තාමත් නෑ ඉතින් මොකක්ද වුණේ කියලා,” යැයි මියගිය පුද්ගලයාගේ දියණිය පැවසුවාය.

මේ අතර සියඹලාගොඩ, නාගස්වත්ත ප්‍රදේශයේ ලියුකේමියා රෝගයට ගොඳුරු වී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් පිළිබඳ අවසන් කටයුතු නිවසේදී සිදුකර තිබේ. 

පසුව අනාවරණ වී තිබුණේ, එම නිවසේ කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිට ඇති බවය. 

අප වාර්තාකරු පැවසුවේ, එම අවමංගල්‍ය කටයුතුවලට මහපොතුවිල සහ ඉහලඅයිනගම යන ගම්මානවල පදිංචිකරුවන් ද සහභාගී වී සිට ඇති බවය. 

පසුව සෞඛ්‍ය බලධාරීන් එම අවස්ථාවට සහභාගී වූ පවුල් 60ක් නිරෝධායනයට යොමුකර තිබේ.

ඉන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවද කොවිඩ් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. 

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ, උදේ වරුව ඇතුළත අවසන් කටයුතු ඉවර කරන්න කියලා තමයි උපදෙස් දුන්නේ. දහවල් 2 වෙනෙකම් තියාගෙන ඉඳලා. විශාල පිරිසක් ඇවිත්. ඒ අනුව මේ මරණය හා සම්බන්ධ විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට පත් වුණා,” යැයි පිටබැද්දර මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සාරංග මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?