නිවසේදී මියගිය පුද්ගලයාගේ දේහය රෝහලේ දී මාරුවෙලා

නිවසේදී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් කොවිඩ් පරීක්ෂණ සඳහා රෝහලට රැගෙන යෑමෙන් පසු මාරුවීමේ පුවතක් ඇල්පිටිය මූලික රෝහලෙන් වාර්තා වී තිබේ.

ඒ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයකුගේ දේහයක් සම්බන්ධයෙනි. 

නමුත් පසුව මල් ශාලාවෙන් දැනුම් දී ඇත්තේ අදාළ පුද්ගලයාගේ මෘතදේහය වෙනුවට එහි ඇත්තේ මියගිය වෙනත් අයෙකුගේ දේහයක් බවය.

කෙසේවෙතත් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත නොවූ බව දැනගැනීමෙන් පසු දේහය නිවසට රැගෙන ඒම සඳහා කටයුතු සුදානම් කර ඇති ආකාරය ද එහිදී දක්නට ලැබුණි.

“නෙගටිව් කිව්වා PCR එක. වාහනයට දේහ දෙකක් දාලා තිබුණා.  අපිට මුහුණ පෙන්නුවේ නෑ. පැයකට පස්සේ මල්ශාලාවෙන් කිව්වා ඔයගොල්ලොන්ගේ දේහය හම්බවුණේ නෑ. එතනට ඇවිත් කවුරුහරි හඳුනගන්න කියලා. හෙව්වා 6 වෙනකම්. තාමත් නෑ ඉතින් මොකක්ද වුණේ කියලා,” යැයි මියගිය පුද්ගලයාගේ දියණිය පැවසුවාය.

මේ අතර සියඹලාගොඩ, නාගස්වත්ත ප්‍රදේශයේ ලියුකේමියා රෝගයට ගොඳුරු වී මියගිය පුද්ගලයෙකුගේ දේහයක් පිළිබඳ අවසන් කටයුතු නිවසේදී සිදුකර තිබේ. 

පසුව අනාවරණ වී තිබුණේ, එම නිවසේ කාන්තාවක් කොවිඩ් ආසාදිතව සිට ඇති බවය. 

අප වාර්තාකරු පැවසුවේ, එම අවමංගල්‍ය කටයුතුවලට මහපොතුවිල සහ ඉහලඅයිනගම යන ගම්මානවල පදිංචිකරුවන් ද සහභාගී වී සිට ඇති බවය. 

පසුව සෞඛ්‍ය බලධාරීන් එම අවස්ථාවට සහභාගී වූ පවුල් 60ක් නිරෝධායනයට යොමුකර තිබේ.

ඉන් 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවද කොවිඩ් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. 

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ, උදේ වරුව ඇතුළත අවසන් කටයුතු ඉවර කරන්න කියලා තමයි උපදෙස් දුන්නේ. දහවල් 2 වෙනෙකම් තියාගෙන ඉඳලා. විශාල පිරිසක් ඇවිත්. ඒ අනුව මේ මරණය හා සම්බන්ධ විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට පත් වුණා,” යැයි පිටබැද්දර මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සාරංග මහතා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56