කොවිඩ් ආසාදිතයින්ට සහාය වීමට මෘදුකාංගයක්

තමා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ විට ඇතිවන මූලික ගැටළුවලට පිළිතුරු ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් නව මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුලවීම හේතුවෙන් එම මෘදුකාංගය හඳුන්වාදෙන බව එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා පැවසීය.

එම මෘදුකාංගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මේවන විට හිමිව ඇති බැවින් එය භාවිත කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ගොඩක් රෝගීන් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වෙනවා. කොවිඩ් පොසිටිව් වුණාම රෝගීන්ට තිබෙනවා සුළු ප්‍රශ්න ටිකක් අසා දැනගන්න. මට ගෙදර ඉන්න පුළුවන්ද ? මට රෝහලකට ඇතුළු වෙන්නට පුළුවන්ද ? නැතහොත් වෛද්‍යවරයෙකුට කතා කරන්න අවශ්‍යද ? මේ සුළු ප්‍රශ්නවලටවත් නිසිආකාරයේ පිළිතුරු ලබාගැනීමට අසීරුයි මොකද සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුල වෙලා. අපේ විසඳුම තමයි ඒ සුළු ප්‍රශ්න තුනට පරිගණක තාක්ෂණය මාර්ගයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පිළිතුර ලබාදීම.  සෞඛ්‍ය අමාත්‍යාංශය, ළමා රෝග විශේෂඥවරු එතකොට ගැබිනි මව්වරුන්ගේ විශේෂඥවරු හදලා තියෙනවා ගයිඩ්ලයින්ස්. මේ රෝග තියෙනවානම් රෝහල් ගතවෙන්න ඕනේ, නැතිනම්ම් ගෙදර ඉන්නට පුළුවන්. ඒ අයගේ ගයිඩ්ලයින්ස්වලට අනුව අපි පරිගණක ඇප් එකක් හැදුවා. බොහොම සුළු දත්ත ප්‍රමාණයක් අපි අහන්නේ. ඒ අනුව මිනිත්තු දෙක තුනක් ඇතුළත ඒ අයට බොහොම නිවැරදි වෛද්‍ය උදෙසක් දෙනවා ගෙදර ඉන්න පුළුවන්ද ? වහාම රෝහල්ගත වෙන්න ඕනද ? වෛද්‍යවරයෙකුට කතා කරන්න ඕනද ? ගැන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18
Video thumbnail
දයාසිරිට යකා නගියි - කවදාවත් මෙහෙම වෙලා නෑ..දැන් අධිකරණයටත් අත ගහනවා
05:54
Video thumbnail
කතරගම දෙයියෝ ඉන්නවා නම් මුන්ට සා#ප වෙන්න ඕනේ
01:06