සාමයේ උණුහුම ලැබුණු දා ගාසා කිතුනුවන්ගෙන් ඊශ්‍රායලයට යාඥාවක්

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින නො නවතින යුද ගැටුම් හැකි ඉක්මනින් අවසන් කර, ජන සංහාරය නතර කරන ලෙසට බටහිර ඉවුරේ ගාසා තීරයේ ජීවත් වන කිතුනුවන් ඉල්ලා සිටිනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ඔවුන් මෙම ඉල්ලීම ඊශ්‍රායල රජයෙන් බැගෑපත් ව ඉල්ලා ඇති බවයි.

ගෙවුණු පැය 24ක කාලය තුළ ද, නත්තල උදා වූ මොහොතේ දී ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයට පහරදෙනු ලැබුවා.

මෙම පහරදීමෙන් ගාසා නගරයේ පලස්තීන සිවිල් ආරක්ෂක මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල වූ අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකුවත් මියගොස් ඇති බවයි විශ්වාස කරන්නේ.

ජබාලියා සරණාගත කඳවුරට ද අද අලුයම ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් නවදෙනෙකු මියගියා.

ඊශ්‍රායලයේ ජේසු බිළිඳාගේ උපත සිදු වූ බෙත්ලෙහෙමේ දී යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් වෙනුවෙන් කන්නලව් කරමින් ඊශ්‍රායල වැසියන් ද යුද්ධය නතර කරන ලෙසට ඉල්ලා සිටිනවා.

ලෙබනනයේ දී අගමැති නජීබ් මිකාටි එක්සත් ජනපදය සහ ප්‍රංශය ප්‍රමුඛ සටන් විරාම නිරීක්ෂණ කමිටුවෙන් ඉල්ලා සිටියේ හිස්බුල්ලා සංවිධානය සමඟ සටන් විරාමය කඩ කිරීම නතර කර; රටේ දකුණු කොටසෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙසයි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය 2023 ඔක්තෝබර් 7 සිට අවම වශයෙන් පලස්තීනුවන් 45,338 ක් මරා දමා 107,764 ක් තුවාල තත්ත්වයට පත් කර තිබෙනවා.

එදින හමාස් විසින් මෙහෙයවන ලද ප්‍රහාරවල දී ඊශ්‍රායලයේ අවම වශයෙන් 1,139 දෙනෙකු මිය ගිය අතර 200කට වැඩි පිරිසක් වහල්භාවයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බයික් පෙරහැරක් මැදින් ගැම්මෙන් පුත්තලමට ගිය හැටි
01:27
Video thumbnail
හිටපු පොලිස්පති CD වික්‍රමරත්නට අත්වුණු ඉරණම ගැන දුක්වුණු හිටපු කථානයක..
00:24
Video thumbnail
සනත් ජයසුරියත් හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
00:53
Video thumbnail
දුක බෙඳාගන්නට තනිවම ආපු හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න...
00:54
Video thumbnail
මහ පාන්දර ගෝල් ෆේස් එක හොල්ලපු පාපන්දු උන්මාදය
03:29
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11