කොවිඩ් වැළඳී දරුවන් 25ක් මරුට

කොවිඩ් ආසාදිත වූ දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.

තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ඊයේ (3) වන විට ප්‍රතිකාර ලබමින් සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

කොවිඩ් ආසාදිත වූ දරුවන්ගේ මරණ අතරින් 18 දෙනකුම මිය ගොස් ඇත්තේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දීය.