පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත්

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටද ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ සඳහන් කළා.

දැනට එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම අද පැවති මෙම රැස්වීමේදී එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සහය ලබාදෙමින් සිටින සෞඛ්‍ය, ආරක්ෂක ඇතුලු සියලු පාර්ශවයන් වෙත ජනාධිපතිවරයා ප්‍රශංසාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

දෛනිකව 400-450ත් අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය සිදු කෙරෙන අතර ඒ ඒ මධ්‍යස්ථාන වෙත ලබාදෙන එන්නත් සංඛ්‍යාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තීරණය වනවා.  

එහෙත් මධ්‍යස්ථානයකදී හෝ දෙකකදී සිදුවන සංසිද්ධියක් ගෙනහැර දක්වමින් සමස්ත ක්‍රියාවලිය අක්‍රමවත් බව හුවා දැක්වීමට කෙරෙන උත්සාහය කණගාටුදායක බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එන්නත්කරණයෙන් අත් කරගත් සාර්ථකත්වය සමග  නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04 දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට ද මෙම කමිටුවේදී තීරණය කෙරුණා.

පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සාකච්ඡාවට එක්වෙමින් කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

2020 වසරේ මාස 03කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රටේ ආර්ථිකය සෘණ අගයක් ගනු ලැබූ අතර කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් වූ  බවයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෙන්වා දුන්නේ.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කෙරෙමින් පවතින අතර ඊට සමගාමීව තීරණ ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම් ප්‍රවර්ධනයට ගතයුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන,  රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු මේ අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08