Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විදුලි මෝටර් රථ 400ක්

ශ්‍රී ලංකා පොලිසිය නවීකරණය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට විදුලි මෝටර් රථ 400ක් සහ පොලිස් නිලධාරීන්ට විදුලි යතුරුපැදි 65,000ක් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (28) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ 2027 දී විදුලි මෝටර් රථ 400 ලබාදීමට කටයුතු කරන බවයි.

කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා නිලධාරීන්ට විදුලි යතුරුපැදි ලබාදීමේ වැඩසටහන අවසන් අදියරේ පවතින බවත්, පොළී රහිත ණය ලබාදීමට සහ අදාළ බදු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

2027 සඳහා පොලිසිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් අතර, පොලිස් ස්ථාන 92 ක් සඳහා නේවාසික නිවාස ඉදිකිරීම, රුපියල් මිලියන 308ක වියදමින් පොලිස් ස්ථාන 389ක සීසීටීවී කැමරා පද්ධති ස්ථාපනය කිරීම, ශරීර කැමරා සහ අනෙකුත් අවශ්‍ය උපාංගවලින් සමන්විත නව පොලිස් නිල ඇඳුම් හඳුන්වාදීම පවතින බවයි ඔහු මෙහි දී පැවසුවේ.

එමෙන්ම ආයතනික ප්‍රතිසංස්කරණ, ආකල්ප වෙනස් කිරීම් සහ වැඩිදියුණු කළ උපකරණ තුළින් නවීන හා වෘත්තීය පොලිස් සේවාවක් සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවයි ඔහු පවසා සිටියේ.