කන්තලේ දුම්රිය හරස් මාර්ගය ඉදිරිපිට දී යතුරුපැදියක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ (22) රාත්රී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
ත්රිකුණාමලයේ සිට තිරිඟු පිටි තොගයක් රැගෙන කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක මෙලෙස යතුරුපැදියේ ගැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා ත්රිකුණාමලය මහ රෝහලට මාරුකර යවා තිබුණා.
යතුරුපැදියේ පැති ආධාරකය නිසි පරිදි හැකිලීමෙන් තොරව ධාවනය කිරීම මෙම අනතුරට හේතු වී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
