තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට විදේශ කටයුතු අමාත්‍ය සිහසාක් ෆුවාන්කෙට්කියෝ නිල සංචාරයක් සඳහා අද (20) දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ අනුව, තායිලන්ත රජු මහා වජිරලොන්කෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හෙට (21) මහනුවර අස්ගිරි මහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජකීය කඨින පින්කමට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට ද මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
තවද මෙම සංචාරය අතරතුර, විදේශ ගමන්බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමකට අත්සන් තැබීමටද තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතව ඇති බවයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.
සංචාරය අවසන් කර ලබන 23 වැනිදා තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටත්ව යාමට නියමිතයි.

