Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රජයේ සේවා රැසක විධායක නිලධාරීන් අද වැඩවර්ජනයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් අද (20) දිනයේ දී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වනවා.

මෙවර අයවැයෙන් සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ.

ඒ අනුව, අධ්‍යාපන පරිපාලන, දුම්රිය දෙපාර්තමේන්තුව, ඉංජිනේරු, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, තොරතුරු තාක්ෂණ, කම්කරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ඇතුළු විධායක සේවාවන් 20ක් අද දිනයේ දී මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වනවා.