ආසියානු කුසලාන නැගී එන තරු ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය අද (16) දිවයිනෙන් පිටත්ව ගියා.
මෙම තරගාවලිය එළඹෙන 19 වෙනිදා කටාර්හී දී ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ පවන් රත්නායක විසිනුයි.
පවන් රත්නායකට අමතරව ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මධුෂ්ක, නිපුන් ධනංජය, චාමික හීනටිගල, ජනිත් ලියනගේ, ශාරුජන් ෂන්මුගනාදන්, රවිඳු ප්රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, වනුජ සහන්, දුලාජ් සමුදිත, දුවිඳු රණතුංග, ලහිරු සමරකෝන් සහ ගරුක සංකේත් එම සංචිතයට ඇතුළත්.
