Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පූජාභූමි සංවර්ධන සැලසුම් කඩාකප්පල් කරන්න එපා – වැඩබලන අටමස්ථානාධිපති හිමි

යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා උපකාර සිදුකරන ලෙස වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ඉල්ලීම් කර තිබෙනවා.

අද (16) පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

එම සංවර්ධන සැලැස්ම කඩාකප්පල් නොකර ඒ සඳහා අවශ්‍ය උපකාර කරන ලෙස එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලීම් කරනු ලැබුවා.

”අනවශ්‍ය බියක් තියාගන්න එපා, අපි මේ පූජා නගරයේ ජීවත් වුනු මිනිස්සු හැටියට මේවා රකිනවා, ආරක්ෂා කරනවා. රජවරු 104 දෙනෙක් මේ නගරය ආරක්ෂා කළා. අනාගතයටත් එහෙම වෙනවා. මේ ගැන අයහපත් චේතනාවක් තියා ගන්න එපා. මේ භුමිය ආරක්ෂා කරන්න බෞද්ධයෝ විතරජ්ක් නෙවෙයි, අබෞද්ධයොත් කැප වෙලා තියෙනවා. අපි හැමෝගෙම යුතුකම මේවා ආරක්ෂා කරගන්න එක. මේවා කඩාකප්පල් කරලා ප්‍රතික්ෂේප කරන්න එපා. මේවට උදවු කරන්න, උපකාර කරන්න” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී කියා සිටියා.