Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෙක්සිකෝවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක නිර්මාතෘ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගලයාර්ඩෝ මිය යයි

මෙක්සිකෝවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි (cartels) අතුරින් එකක නිර්මාතෘ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගලයාර්ඩෝ (Miguel Ángel Félix Gallardo),මියගොස් ඇති බවට වාර්තාවෙනවා.

අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතවී සිටි ඔහු මියයන විට 80 වියේ පසුවු බවටත් සඳහන් වෙනවා.

1985 වසරේදී එක්සත් ජනපද මත්ද්‍රව්‍ය මර්දන නිලධාරියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු, මෙක්සිකෝවේ වඩාත්ම කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අයෙකු බවට පත් වූ, මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගලයාර්ඩෝ, 1970 දශකයේදී කරළියට පිවිසි අතර, මෙක්සිකෝවේ නූතන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙනවා. ඔහු විසින් ආරම්භ කරන ලද කල්ලි අතර ගැටුම් (turf wars) හේතුවෙන් පසුගිය දශක කිහිපය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගිය අතර තවත් බොහෝ දෙනෙකු අතුරුදහන් වුණා.

ඔහුගේ නැගී සිටීම සහ පිරිහීම, 2018 වසරේ නිකුත් වූ ජනප්‍රිය Netflix කතා මාලාවක් වන “Narcos: Mexico” හිදී මෙක්සිකානු නළු ඩියේගෝ ලූනා (Diego Luna) විසින් නිරූපණය කරන තිබෙනවා.

පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්වල කේන්ද්‍රස්ථානයක් බවට පත් වූ වයඹ දිග ප්‍රාන්තයක් වන සිනලෝවා (Sinaloa) හි කුලියාකාන් (Culiacan) නගරයේ 1946 දී උපත ලැබූ ඔහු, මුලින් පොලිස් නිලධාරියෙකු ලෙසත්, වුණා.

ෆීලික්ස් ගලයාර්ඩෝ සහ ඔහුගේ සගයන්, ජලිස්කෝ ප්‍රාන්තයේ අගනුවර මෙන්ම වේගයෙන් දියුණු වන ආර්ථික මධ්‍යස්ථානයක් වූ ග්වදලජාරා නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය (cartel) පිහිටුවා ගත්තා. එක්සත් ජනපදය වෙත විශාල පරිමාණයෙන් කොකේන් (cocaine) ප්‍රවාහනය කිරීම ආරම්භ කළ පළමු කණ්ඩායම වූයේ මොවුන් වන අතර, පැබ්ලෝ එස්කොබාර්ගේ මෙඩෙලින් (Medellin) කල්ලිය ඇතුළු කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සන්ධානයක් ගොඩනඟා ගැනීමට ද ඔවුහු සමත් වුණා.

ඔහු සිරගතව සිටියදී ද, 1985 දී එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන නියෝජිත එන්රික් “කිකි” කැමරීනා සහ මෙක්සිකානු ගුවන් නියමු ඇල්ෆ්‍රෙඩෝ සැවාලා ඇවලාර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙනම නඩු විභාගයකට මුහුණ දුන්නා.

කැමරීනාගේ ඝාතනය වොෂින්ටනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ඇති කළ අතර, ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝවට දැඩි ලෙස බල කෙරුණා.

2017 දී, ෆෙඩරල් අධිකරණයක් එම නඩුවේ ෆීලික්ස් ගැලර්ඩෝ වැරදිකරු බව තීරණය කර තවත් වසර 37 ක සිර දඬුවමක් නියම කළා. එහෙත් ඝාතන සඳහා වගකීම ඔහු ප්‍රතික්ෂේප කර තිබුණා.

ෆීලික්ස් ගැලර්ඩෝ ඔහුගේ අවසන් වසරවල දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළුණු අතර, ස්පාඤ්ඤ භාෂා නාලිකාවක් වන ටෙලිමුන්ඩෝ 2021 දී සිරගෙදරදී ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන විට එක් ඇසක අන්ධභාවයෙන් පෙළුණු අතර, බිහිරි සහ තනිවම ඇවිදීමට නොහැකි තත්වයක පසුවුණා. එම සම්මුඛ සාකච්ඡාවේදීද ඔහු තම නිර්දෝෂීභාවය අවධාරණය කළා..

“වසර තිස් දෙකක් ගත වී ඇත… එය කිසිදු අපරාධයක් නොකළ මිනිසෙකුට බරපතල දඬුවමක්, ඔහු චෝදනා කර තිබුණා.

1989 වසරේ සිට සිරගතව සිටි ෆීලික්ස් ගලයාර්ඩෝ, බටහිර ජලිස්කෝ (Jalisco) ප්‍රාන්තයේ පිහිටි දැඩි ආරක්ෂක රැඳවුම් මධ්‍යස්ථානයක (maximum-security prison) රඳවා සිටියා. කෙසේ වෙතත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ඔහුව නිවාස අඩස්සියේ තබන ලෙස ඔහුගේ නීතිඥවරුන් නැවත නැවතත් ඉල්ලීම් කළා.

ෆීලික්ස් ගලයාර්ඩෝව මීට දින දෙකකට පෙර බටහිර පිහිටි ග්වදලජාරා (Guadalajara) නගරයේ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යවා තිබූ නමුත්, ඔහුගේ ශරීරයේ අවයව කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් ඉරිදා පස්වරු 2ට පමණ ඔහු මිය ගිය බව දේශීය ආරක්ෂක බලධාරීහු වාර්තා කරනවා.