මහඔය – අරලගන්විල මාර්ගයේ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන කොටස, දිනපතා සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව නොවැම්බර් 20 වැනිදා සිට දිනපතා පනිජ්ජ ඔය සහ කන්දේගම දක්වා වන කොටස මෙලෙස වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.
රාත්‍රී කාලයේ දී මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා ගමන් කරන වාහන හේතුවෙන්, මාර්ගය හරහා ගමන් ගන්නා වන සතුන් සම්බන්ධ අනතුරු සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ බලධාරීන් විසින් මෙම සීමා පැනවීම සිදුකර තිබෙනවා.
වනෝද්‍යානයේ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මාර්ගය වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.










