කැළණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද (14) දිනයේ ජල කප්පාදුවක් සිදුකර තිබෙනවා.
ඒ, අනුව අද (14) පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කළ බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
මෙහිදී පෑලියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදූව නගර සභා බලප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ, ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල කොටසකටද ජල සැපයුම අත්හිටුවනු ඇති.
බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
