ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් සහ තවත් වාන් දොරටු 4ක් අඟල් 6 බැගින් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ හරහා තත්පරයට ඝන අඩි 3,000කට ආසන්න ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙත මුදා හැරෙනවා.
ඊට අමතරව, එම ද්‍රෝණියේම පිහිටි අලිකොට ආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම මඟින් එකතු වන අමතර ජලය ද මේ වන විට කිරිඳිඔය වෙත නිකුත් වෙමින් පවතින බවටත් වාර්තාවෙනවා.










