2026 සාෆ් පාපන්දු තරගාවලියේදී ශ්රී ලංකාව සහ බංගලාදේශය අතර අද (11) පැවති තරගයෙන් ගෝල 4-0ක් ලෙස විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට බංගලාදේශය සමත් වුණා.
අද (11) මෙරට වේලාවෙන් පස්වරු 07.30ට බංගලාදේශයේ ඩකා පාපන්දු ක්රීඩාංගණයේදී තරගය ආරම්භ වුණා.
තරගය ආරම්භයේ සිටම බංගලාදේශ කණ්ඩායම, ශ්රී ලංකාවට තියුණු අභියෝගයක් ලබා දුන්නා.
ඒ අනුව, තරගයේ සම්පූර්ණ කාල සීමාව අවසානයේ ශ්රී ලංකාවට දරුණු පරාජයක් අත්කර දෙමින් තරගය 4-0 ක් ලෙස ජයගැනීමට බංග්ලාදේශ පාපන්දු කණ්ඩායමට හැකිවුණා.
