සෞදියේදී මරණ දණ්ඩනය නියම වී සිරගත කර සිටි ශ්‍රී ලාංකිකයෙකු වන සිවරාසන් අනෝජන්ට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගැනීමට එරට රජයේ නඩු විභාග අංශය (Public Prosecution) තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඔහුට එරෙහිව සෞදි අධිකරණයක කිසිදු නඩුවක් නොමැති බැවින්, ඉදිරි දෙක ඇතුළත ඔහුව යළි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බවයි විදෙස් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.
