රිය අනතුරකින් මියගිය KDU සිසුන් වෙනුවෙන් වන්දි ලබාදීමේ හැකියාව විමසන ලෙස නීතිපතිට නියෝග

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාව යෙදි සිටියදී මාරක රිය අනතුරකට ලක්ව දෙදෙනෙකු මිය ගොස් සිසුන් පිරිසකට තුවාල සිදුවුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් යම් වන්දි මුදලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියෙදී මාරක රිය අනතුරකට ලක්ව සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිද්ධියෙන් මියගිය සිසුවකගේ පියෙකු විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන්නා.