හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපතිවරයෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන රාජකරුණා මනමේන්ද්‍රලාගේ සුනිල් ගාමිණි අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2014 වර්ෂය තුළ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින හලාවත වැවිලි සමාගමෙන් එකී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙකුට තනි අයිතිය ඇති ආයතනයකින් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව අමාත්‍යවරයාගේ ඉල්ලීම මත කිසිදු වග විභාගයකින් තොරව රෙදිපිළි කට්ටල 5000ක් මිල දී ගැනීමට අනුමත කිරීම තුළින් හලාවත වැවිලි සමාගමට රුපියල් රුපියල් තිස් දෙලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් පාඩු කිරීමෙන් දුෂණය නැමැති වර සිදු කිරීමේ චෝදනාව මත මොහුව අද (11) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.