පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 15 වන දින යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න අද (11) නියෝග කළා.
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් පෙර නඩු දිනයේ දී ලාෆ් ගෑස් සමාගමට සිතාසි නිකුත් කර තිබූ අතර, ඒ අනුව එම සමාගමේ නිලධාරීන් අද (11) දින අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී ලාෆ් ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසයි.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය, නඩුව යළි දෙසැම්බර් 15 වන දින කැඳවීමට නියෝග කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 86 වැනි විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම සිදුකර තිබෙනවා.
