කොළඹ -නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ ගල් පෙරළීමේ හේතුවෙන් මාර්ගය වසා දමයි

අද සවස කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබෙන බවට වාර්තාවෙනවා.

ඒ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

කොළඹ-නුවර මාර්ගය ගමනාගමනයට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට උදෑසන තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තීරණය කරනු ලබන බවටත් වාර්තාවෙනවා.

ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව තිබෙන බවට සඳහන් වෙනවා.

එම ප්‍රදේශයේ මේ වනවිට රථ වාහන පොලීසිය විසින් ගමනා ගමන කටයුතු පාලනය කරමින්, ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විටත් එම ප්‍රදේශයට සුළු වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවද වාර්තා වෙනවා.