අනුරාධපුර රුවන් වැලි සෑය අභියස පූජ්‍ය කස්සප හිමියන් සත්‍යග්‍රහයේ නිරතවන ස්ථානය ඉදිරිපිට බැනරයක් ඔසවාගත් පුද්ගලයෙකු හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇතිවුණා.
එම පුද්ගලයා කස්සප හිමියන්ගේ සත්‍යග්‍රහයට එරෙහිව එම බැනරය ප්‍රදර්ශනය කරමින් එම භුමියේ රැඳී සිටී අතර, සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ ලා හා ගිහියන්ගෙන් එම පුද්ගලයාට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවුණා.
ඒ අතර, සත්‍යග්‍රහයේ නිරත එක් භික්ෂුන් වහන්සේ නමක් එම පුද්ගලයාගේ බැනරය උදුරාගෙන යෑම හේතුවෙන් එම උණුසුම් තත්වය තවත් වර්ධනය වුණා.
එපමණක් නොව එම පුද්ගලයාට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට සත්‍යග්‍රහයේ නිරත පිරිස් දැඩි විරෝධයක් දැක්වුවද, තමන් එම ස්ථානයෙන් ඉවත්නොවන බවට ඔහු තරයේ ප්‍රතික්ෂේප කළා.
එහිදී අනුරාධපුර පොලීසිය මැදිහත්වී භික්ෂුන් වහන්සේ විසින් උදුරාගත් බැනරය එම පුද්ගලයා වෙත නැවත භාරදීමට කටයුතු කළා.
