ජාත්‍යන්තර පොපි මල් දිනයට සමගාමිව ශ්‍රී ලංකාවේ පොපි මල් දිනය අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
රණවිරු අනුස්මරණ දිනය (පොපි මල් දිනය) යනු, සේවයෙහි යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා, පළමුවන ලෝක යුද්ධය නිමාවෙන් පසුව, පොදු රාජ්‍ය මණ්ඩල රටවල් විසින් සැමරීම මෙම උත්සවය ආරම්භ කර තිබුණා.
ලෝකය පුරා සෑම වර්ෂයකම නොවැම්බර් 11 වැනි දින මෙම දිනය සමරනු ලබනවා.
යුද්ධයෙන් විනාශ වූ යුද බිම්වල මුලින්ම පූදින ලද රතු පැහැති පොපි මල, දිවි පිදූ රණවිරුවන්ගේ ලේ වැගිරීම සහ මතකය සංකේතවත් කිරීමට භාවිතා කරනවා.
රට වෙනුවෙන් කැප වූ රණවිරුවන් සිහිකරමින් පොපි මල් පැලඳීම සහ අනුස්මරණ කටයුතු ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සහ අදාළ කමිටු මගින් සංවිධානය කරනු ලබනවා.
ශ්‍රී ලංකාවේදී නොවැම්බර් 11 දිනට ආසන්නතම ඉරිදා දින හෝ ඊට අදාළ දිනවලදී මෙම සැමරුම් උත්සව පවත්වනු ලබන අතර 2026 වර්ෂයේ සැමරුම අද 08 වැනි දින කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ , මහජන පුස්තකාලය අසල පිහිටි දෙවන ලෝක යුද්ධයේදී මියගිය විරුවන් සිහි කෙරෙන ස්මාරකය අභියසදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, හිටපු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් සහභාගිවුණා.
