26 වැනි මහලෙන් වැටී ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට – පොලිසියට සැකයක්

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 26 වැනි මහලෙන් ඇද වැටී 60 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පෙරේදා (06) දිනයේදී උදෑසන කාලයේ මෙයසිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බත්තරමුල්ලේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා එම මහල් නිවාස සංකීර්ණයේනිවසක නවාතැන් ගෙන සිට තිබෙනවා.

මෙම මරණය සිය දිවි නසා ගැනීමක් ද, එසේත් නොමැති නම් වෙනත් හදිසි අනතුරක් ද හෝ හේතුවක් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

සිද්ධිය සිදු වූ ස්ථානයේ, ස්ථානීය පරීක්ෂණය සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා පැමිණි බව ද පොලිසිය කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51
Video thumbnail
කොළඹ - නුවර ප්‍රධාන පාරේ බිහිසුණු අනතුරක්
00:39
Video thumbnail
තරුණයින්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
02:04