සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින ‘ඩුබායි ධනුෂ්ක’ නැමැත්තාගේ මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘සුභා’ නැමැති කාන්තාවගේ ප්‍රධානතම ගෝලයා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01, ග්‍රෑම් 30 ක් සමඟ විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවෙනවා.
විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ පස්වරු 17:45 ට පමණ වැල්ලම්පිටිය පොලිස් වසමේ පන්සල් හේන පාර පිහිටි නිවසක් ඉදිරිපිටදී මෙම හදිසි වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය, පන්සල් හේන පාර ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටින ‘ඩුබායි ධනුෂ්ක’ විසින් සූක්ෂම ලෙස මෙරටට එවන මත්ද්‍රව්‍ය, ඩුබායි හි සිටම මෙරට තුළ බෙදාහැරීමේ කටයුතු මෙහෙයවන ‘සුභා’ නැමැති කාන්තාවගේ මත්ද්‍රව්‍ය තොග සඟවා තබාගැනීම සහ බෙදාහැරීම සිදුකරන ප්‍රධානම නියෝජිතයා මොහු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
