හෙරොයින් කිලෝ 13ක් සහ අයිස් කිලෝවක් පොලිස් භාරයට

යාපනය – මන්නාරම මාර්ගයේ පුනරින්හී දී යතුරුපැදිකරුවෙකු දමාගිය පාර්සලයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (02) රාත්‍රී පුනරින් පොලිස් වසමේ යාපනය – මන්නාරම මාර්ගයේ පුනරින් විදුහල ආසන්නයේ දී පුනරින් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්ග බාධක රාජකාරි යෙදී සිටි තිබෙනවා.

එහිදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සංඥා කර ඇති අතර, එම අවස්ථාවේ එක් යතුරුපැදිකරුවෙකු සන්තකයේ තිබූ පාර්සලයක් එම ස්ථානයේ අතහැර දමා යතුරුපැදි දෙකම නොනවත්වා පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අතහැර දමා ගිය පාර්සලය නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී එහි තිබූ කුඩා පාර්සල් 14 ක් තුළ මෙම හෙරොයින් සහ අයිස්
මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.