උප්පුවේලි පොලිස් වසමේ කප්පල්තුරේ ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය දෙස සිට කප්පල්තුරේ හන්දිය දෙසට ධාවනය වූ කුලී ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ත්‍රීරෝද රථයෙන් බැස දුරකථන ඇමතුමක් ගනිමින් සිටින අතරතුර දී නාඳුනන තුවක්කුරුවෙකු විසින් එම පිරිසට වෙඩි තබා පලාගොස් තිබුණා.
ඊයේ (02) සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි එක පුද්ගලයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය මේ වනවිට සඳහන් කරන්නේ.
මියගිය පුද්ගලයා අවුරුදු 39ක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකු වන අතර, තුවාලකරුවන් අවුරුදු 28 හා 38 වයස්වල පසුවන ආනන්දකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුව වි ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැකකරනු ලබනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
