Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාමල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි – ඇප ඉල්ලීම පිළිබද නියෝගය අද

රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මේ අතර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබද නියෝගය අද (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.