බාල බෙහෙත් නඩුව; “බෙහෙත් ගෙන්වන්න කැබිනට් පත්‍රිකාව දැම්මේ රනිල්” – කෙහෙළිය උසාවියේ දී රනිල්ව පාවාදෙයි

ප්‍රශ්න­ගත හදිසි ඖෂධ ප්‍රසම්පා­දන ක්‍රියා­ව­ලිය සඳහා වන කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කළේ තමන් නොව, එව­කට මුදල් අමාත්‍ය­ව­රයා හා අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ රනිල් වික්‍ර­ම­සිංහ බව බාල බෙහෙත් නඩුවේ 8 වැනි විත්ති­කරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල විත්ති­ කූ­ඩුවේ සිට දීර්ඝ ප්‍රකා­ශ­යක් කර­මින් කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ සාක්ෂි දෙමින් සඳ­හන් කළා.

2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පා­දන ක්‍රියා­ව­ලිය තව­දු­ර­ටත් දීර්ඝ කිරී­මට තමන් අමාත්‍ය මණ්ඩල සන්දේ­ශ­යක් ඉදි­රි­පත් කළද ඊට අනු­මැ­තිය හිමි නොවූ බවද ඔහු පැව­සුවා.

ඒ වෙනු­වට එව­කට මුදල් අමා­ත්‍ය­ව­රයා වූ රනිල් වික්‍ර­ම­සිංහ ඉදි­රි­පත් කළ යෝජ­නා­ව­කට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බවද ප්‍රකාශ කළා.

එම තීර­ණයේ සාමූ­හික වග­කී­මට තමන් බැඳී සිටින නමුත්, ප්‍රශ්න­ගත කැබි­නට් පත්‍රි­කාව ඉදි­රි­පත් කිරීම සම්බ­න්ධ­යෙන් නඩුවේදී විශාල වශ­යෙන් සාකච්ඡා වුවද එයට තමන්ගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බවත්, එම පත්‍රි­කාව ඉදි­රි­පත් කළේ හිටපු අග්‍රා­මා­ත්‍ය­ව­රයා බවත් ඔහු කියා සිටි­යා.

ප්‍රියන්ත ලිය­නගේ (සභා­පති), විරාජ් මාලක වීර­සූ­රිය සහ පී.එම්. බණ්ඩාර යන මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මෙම සාක්ෂිය ලබා­දු­න්නා.

ඔහුගේ දීර්ඝ ප්‍රකා­ශය තුළ ආන්දෝ­ල­නා­ත්මක කරුණු රැසක් අන්ත­ර්ගත වුණා.

වසර 20කට ආසන්න සිය පාර්ලි­මේන්තු දිවිය තුළ අමා­ත්‍යාංශ 09ක අමා­ත්‍ය­ව­ර­යකු ලෙස කට­යුතු කළ බවත්, 2021 වස­රේදී ප්‍රථම වරට සෞඛ්‍ය අමාත්‍ය ධුර­යට පත්වූ බවත් ඔහු පැව­සුවා.

ඒ වන විට තමන් යුද්ධය අව­සන් කිරීමේ කට­යු­ත්තට තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු­කර තිබූ බවද හැඟී­ම්බ­රව කියා සිටි­යා.

තමන් දේශ­පා­ල­න­යට පැමි­ණි­යේද, ජන­මාධ්‍ය අමාත්‍ය ධුර­යට පත්වූ­යේද, අන­තු­රුව සෞඛ්‍ය අමාත්‍ය ධුර­යට පත්වූ­යේද අහඹු ආකා­ර­යෙන් බව හිටපු අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කර සිටියා.

කොවිඩ්-19 වසං­ග­තය පැවැති වට­පි­ටාව තුළ සහ 2022 වසරේ රටේ ඇතිවූ දැඩි ආර්ථික හා දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බු­ද­ය­කට පත්ව තිබූ බව ඔහු පැව­සුවා.

එවැනි තත්ත්ව­යක් තුළ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ පාන්දර 6.00ට පමණ දුර­කතන ඇම­තු­මක් දී සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර­ගන්නා ලෙස ආරා­ධනා කළ බව කියා සිටි­යා.

එම ආරා­ධ­නාව ලැබෙන අව­ස්ථාව වන විට රටේ විදේශ විනි­මය සංචිත ඩොලර් මිලි­යන 35 දක්වා පහත බැස තිබූ අතර, මුහුදේ තිබූ ඉන්ධන නැව් සඳහා ගෙවී­මට පවා ඩොලර් නොමැ­තිව මුළු රටම අක­ර්ම­ණ්‍යව තිබූ බවයි ඔහු පැව­සුවේ..

තමන් ඒ අව­ස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර­ගෙන අවශ්‍ය පිය­වර කඩි­න­මින් නොගත්තේ නම් ඉන්ධන පෝලිම් වෙනු­වට වෙනත් ආකා­රයේ පෝලිම් ඇතිවී රටේ ජන­තා­වට ඛේද­ජ­නක ඉර­ණ­ම­කට මුහුණ දීමට සිදු­වන බව කියා සිටියා.

2022 අප්‍රේල් මාස­යේදී සමස්ත කැබි­නට් මණ්ඩ­ල­යම ඉල්ලා අස්වූ බවත්, ඉන්පසු 2022 මැයි 20 වැනිදා සිට ඔක්තෝ­බර් 23 වැනිදා දක්වා නැව­තත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කට­යුතු කළ බවත් හෙතෙම සඳ­හන් කළා.

එම වට­පි­ටාව තුළ රටේ විදේශ විනි­මය සංචිත ඩොලර් මිලි­යන 35ක් දක්වා පහත බැස තිබූ අතර, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඩොලර් මිලි­යන 200ක ප්‍රති­පා­දන භාවිත කර­මින් සෞඛ්‍ය පද්ධ­තිය කඩා වැටීම වැළැ­ක්වීම එකම අර­මුණ වූ බව ඔහු පැහැ­දිලි කර සිටියා.

රාජ්‍ය ඖෂධ නීති­ගත සංස්ථාව මඟින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය භාවිත කිරීමේ දුර්ව­ල­තා­වක් පව­තින බව භාණ්ඩා­ගා­රය දැනුම් දීමෙන් පසු, මුදල් අමා­ත්‍යාං­ශයේ උප­දෙස් පරිදි 2022 සැප්තැ­ම්බර් 26 වැනිදා අර­මු­දල් ප්‍රති­පා­දන වෙනස් කිරීමේ කැබි­නට් සන්දේ­ශය තමන් ඉදි­රි­පත් කළ බව හෙතෙම කියා සිටි­යා.

තමන් එවැනි කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කළේ එම විදේශ විනි­මය පෞද්ග­ලික අංශ­යට පැව­රී­මට මුදල් අමා­ත්‍යාං­ශයේ
සූදා­න­මක් තිබූ නිසා බවද ඔහු තව­දු­ර­ටත් සඳහන් කළා.

කැබි­නට් තීරණ ක්‍රියා­ත්මක කිරීමේ වග­කීම අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ඇතුළු නිල­ධා­රීන්ට හිමි­වන බවත්, ප්‍රස­ම්පා­දන කට­යු­තු­ව­ලට තමන් කිසි­සේත් සම්බන්ධ නොවූ බවත් හිටපු අමාත්‍යවරයා අව­ධා­ර­ණය කරනු ලැබුවා.

ඖෂධ තොග තත්ත්වය පිළි­බ­ඳව වෛද්‍ය සැප­යුම් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේ­සිංහ ඇතුළු නිල­ධා­රීන් ලබා­දුන් වාර්තා මත තමන් තීරණ ගත් බවත්, එම තාක්ෂ­ණික තොර­තු­රු­වල නිර­ව­ද්‍ය­තාව පරීක්ෂා කිරීමේ හැකි­යා­වක් අමා­ත්‍ය­ව­ර­යාට නොමැති බවත් පැවසුවා.

ව්‍යාජ ලේඛන සකස් කර අදාළ ඖෂධ ගෙන්වා ඇති බව දැන­ගත් වහාම සෞඛ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු ලෙස ශ්‍රී ලංකා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කළේ තමන් බව කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ප්‍රකාශ කළා.

තමන් කළ පැමි­ණි­ල්ලක් ඔස්සේ සිදු­කළ විම­ර්ශ­න­යක් හේතු­වෙන් මාස 9කට ආසන්න කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිටී­මට සිදුවූ බවත්, එවැනි තත්ත්ව­යක් තුළ අනා­ග­ත­යේදී කිසිදු අමා­ත්‍ය­ව­ර­යකු සිය අමා­ත්‍යාං­ශ­වල දූෂණ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි නොක­රනු ඇතැයි කියා සිටි­යා.

2023 දෙසැ­ම්බර් 26 සහ 2024 පෙබ­ර­වාරි 02 යන දින­වල පැය 12ක් පුරා සීඅ­යි­ඩී­යට ප්‍රකාශ ලබා­දෙ­මින් විම­ර්ශ­න­ව­ලට පූර්ණ සහාය ලබා­දුන් බවද හෙතෙම පැවසුවා.

චෝදනා එල්ල වන රැස්වීම් පැවැති දින­වල තමන් අමා­ත්‍යාං­ශයේ නොසිටි බව පෙන්වා දුන් හිටපු අමා­ත්‍ය­ව­රයා, 2022 සැප්තැ­ම්බර් 02 වැනිදා සිට 07 වැනිදා දක්වා භූතා­නයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සමු­ළු­වට සහ­භාගි වූ බවත්, ඒ බව ගුවන් ගමන් බල­ප­ත්‍රයේ මුද්‍රා මඟින් තහ­වුරු කළ හැකි බවත් කියා සිටි­යා.

එවැනි තත්ත්ව­යක් තුළ තමන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති රැස්වී­ම­කදී අදාළ තීර­ණය ගත් බව වාර්තා­වල සඳ­හන් වීම ගැන ඔහු විම­තිය පළ කළා.

2022 ඔක්තෝ­බර් 10 වැනිදා සීතා­වක ප්‍රදේ­ශයේ පැවැති උත්ස­ව­ය­කට ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සහ­භාගි වූ නිසා එම රැස්වීම් තමන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් නොපැ­වැ­ත්වුණු බවද ඔහු පැහැ­දිලි කර සිටියා.

ඒ නිසා මෙම සිද්ධි­යට තමන් කිසි­සේත් සම්බන්ධ නොමැති බවයි චූදිත හිටපු අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේ.

ප්‍රමි­ති­යෙන් තොර ‘හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින්’ සහ ‘රිටො­ප්සි­මැප්’ ඖෂධ වෙනු­වට වෙනත් දියර වර්ග සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යට සැප­යී­මෙන් රුපි­යල් ලක්ෂ 1,444ක මුද­ලක් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය කිරීම, කුම­න්ත්‍ර­ණය කිරීම සහ අනු­බල දීම ඇතුළු චෝදනා යටතේ 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වග­න්තිය යටතේ නීති­ප­ති­ව­රයා විසින් අධි­චෝ­දනා 13ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.

මෙහි පළමු විත්ති­කරු කෙහෙ­ළිය රඹු­ක්වැල්ල වන අතර, ‘අයි­සු­ලේට් බයෝ­ටෙක් ෆාර්මා’ හිමි­කරු සුදත් ජනක ප්‍රනාන්දු, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත, හිටපු අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­රුන් වන වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක සහ වෛද්‍ය ඒ. තුසිත සුද­ර්ශන, හිටපු සහ­කාර අධ්‍යක්ෂ ශාන්ති සොල­මන්, හිටපු ගණ­කා­ධි­කාරි නෙරාන් ධනං­ජය, හිටපු තොග පාලක සුජිත් කුමාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය එච්.එම්. ධර්ම­සිරි රත්න­කු­මාර හේරත් සහ ප්‍රස­ම්පා­දන කමිටු සාමා­ජික වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන 12 දෙනා විත්ති­ක­රු­වන් ලෙස නම්කර තිබෙනවා.

9 වැනි විත්ති­කරු වන වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය අධි­ක­ර­ණය මඟ­හ­රි­මින් සිටින බැවින් ඔහු නොමැ­තිව නඩුව විභාග වෙනවා.

නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පැමි­ණිල්ල මෙහෙ­ය­වනු ලබනවා.