උත්සව සමයේ වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කරනවා- වසන්ත සමරසිංහ

උත්සව සමයේ හිඟයකින් තොරව භාණ්ඩ ටික වෙළඳපොල තුළ පවත්වා ගන්න මැදිහත්වීම ලබාදෙන බවට අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරනවා.

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (31) දින කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් ඒ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් නාවුක හා රක්ෂණ ගාස්තු වැඩිවෙලා තියෙනවා. එයින් තෙල් මිල හා වැඩිවුණා. ඒ හේතුවෙන් දේශිය වෙළෙඳපොලේ ඇතැම් භාණ්ඩවල මිල ඉහල ගියා.

ඒ වගේම එල්නිනෝ තත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් කෘෂි නිෂ්පාදනවල හිඟයක් පවතිනවා. ඒනිසා සමහර භාණ්ඩ ආනයන හා අපනයන සීමාකරලා තියෙනවා.

ඒ අතරම වසර අවසාන උත්සව කාලය දැන් එළැඹිලා තියෙනවා.

කෙසේ වෙතත් භාණ්ඩ හිඟයක් ඇතිනොවෙන්න අපි කටයුතු කරලා තියෙනවා. සතොස, පිටකොටුවේ භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය, තොග වෙළෙඳුන්ගේ සංගමය යන පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා ඉදිරියට එන උත්සව කාලයට හිඟයකින් තොරව භාණ්ඩ වෙළෙඳපොලේ පවතින තත්වයක් ඇතිරකලා තියෙනවා.

වෙළෙඳපොල භාණ්ඩවල මිල උච්ඡාවචනය වෙන්න පුළුවන්. එහෙත් ජනතාවට බරක් නොවී භාණ්ඩ මිල සමතුලිත තාවය පවත්වාගන්න අවශ්‍ය මැදිහත්වීම අපි ලබාදෙනවා.

ලෝක වෙළෙ‍‍‍ඳපොලේ භාණ්ඩවල මිල ඉහල යනවා. තෙල් මිල වැඩිවෙනවා. ඒ් සමඟම තිරිගු පිටි මිල වැඩිකරන්න ඉල්ලීමක් ඉදිරිපත්වෙනවා. කිරිපිටි මිල වැඩිවෙනවා. ඇතැම් ආනයන භාණ්වල මිලත් වැඩිවෙන්න පුළුවන්.

අපි ගොවියාගේ භාණ්ඩ මිලදී ගෙන වෙළෙඳපොලට නිදහස් කරමින් සමතුලිත තත්වයක් ඇතිකිරිමට අපි කටයුතු කරනවා.

ලබන 03වැනිදා ආහාර සුරක්ෂිතතා කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වෙනවා. ඒ මගින්ද සතොස ඇතුළුව වෙළෙඳපොලේ භාණ්ඩ ගිඟයකින් තොරව ලබාගැනීමට අවශ්‍ය මැදිහත්වී ලබාදෙනවා යනුවෙන්ද ප්‍රකාශ කරනවා.