වායු දූෂණයෙන් ලොව දූෂිතම ප්‍රධාන නගරය බවට ලාහෝර් පත්වෙයි

පාකිස්ථානයේ ලාහෝර් නගරය, ලොව වඩාත්ම වායු දූෂණයට ලක්වූ ප්‍රධාන නගරය ලෙස යළිත් ශ්‍රේණිගත වී තිබෙනවා.

ඔක්තෝබර් 28 වැනිදා පෙරවරු 10ට ලබාගත් දත්ත අනුව, ලාහෝර් නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 296ක් ලෙස සටහන් වී ඇති බව ස්විට්සර්ලන්තයේ IQAir වායු තත්ත්ව නිරීක්ෂණ වේදිකාව වාර්තා කරනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ඊජිප්තුවේ කයිරෝ නගරයට හිමිව ඇති අතර, එහි වායු තත්ත්ව දර්ශකය ඒකක 289කි. ඒකක 272ක අගයක් සහිත ඉන්දියාවේ නවදිල්ලි නගරය තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.

උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නගරය සිව්වැනි ස්ථානයටත්, පාකිස්ථානයේ කරච්චි නගරය පස්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.

ලාහෝර් සහ කයිරෝ නගරවල වායු තත්ත්වය, දර්ශකයේ ‘ඉතා සෞඛ්‍යයට අහිතකර’ කාණ්ඩයට අයත් වන බව වාර්තා වනවා.

කර්මාන්තශාලා විමෝචන, වාහනවලින් පිටවන දුම, අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන වගා අපද්‍රව්‍ය දහනය කිරීම සහ වායු ප්‍රවාහ රටා මෙම දූෂණයට බලපාන ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ශීත කාලගුණය ආරම්භ වීමත් සමඟ ලාහෝර් නගරය පුරා දුමාරය තීව්‍ර වී ඇති අතර, එමඟින් දෘශ්‍යතාව ද අඩු වී තිබෙනවා.

විශේෂයෙන්ම ළමුන්, වැඩිහිටියන් සහ හෘද හා ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙම තත්ත්වය සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බැවින්, වායු දූෂණ මට්ටම් ඉහළ පවතින අවස්ථාවල දීර්ඝ වේලාවක් එළිමහනේ වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරත වීම සීමා කරන ලෙසයි ජනතාවට උපදෙස් දී ඇත්තේ.

හොංකොං සික්සස් 2026 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ දී බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට
ලකුණු 128ක ඉලක්කයක්.
dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා
පළමුව පන්දු යැවීමට තීරණය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15
Video thumbnail
අදත් දිවයිනේ ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
01:29
Video thumbnail
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව සම්පූර්ණයෙන්ම බොරු - මේ පට්ටපල් බොරු සමාජගත කරලා
03:36