සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්තැයි සිද්ධියට අදාලව නිතීඥ රඛිත රාජපක්ෂ ඇතුලු තිදෙනාට කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් ලබා දුන් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ ප්රතිශෝධන අයැදුම් පත්ර තුනක විභාගය පෙබරවාරි 9 වන දින කැඳවිමට කොළඹ මහාධිකරණය අද (30) දින නියම කළා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බංඩාර රණසිංහ හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා .
ප්රතිශෝධන අයැදුම්පත්රය කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂක නීති අනුෂා සම්බන්ධප්පෙරුම පවසා සිටියේ පෙත්සම් මගින් ඉල්ලා තිබු අතුරු තහනම් ඉල්ලීම් පිළිබදව අද දින ඉල්ලීමක් නොකරන බවයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරුවරයා වගඋත්තරකරුගේ විරෝධතා නොවැම්බර් 14 වැනිදා ගොනු කරන ලෙසත් පෙත්සම්කරුවන්ගේ විරෝධතා නොවැම්බර් 28 වනදා ගොනු කරන ලෙස දැන්වුවා.
ඒ අනුව ප්රතිශෝධන පෙත්සම් තුනෙහි විභාගය පෙබරවාරි 09 වන දින කැඳවිමට නියමිතයි.










