ඉෂාර මියයෑමේ සිද්ධියට හෝමාගම පොලිසියේ 09ක් ඇතුළු 17 දෙනෙක්ගෙන් ප්‍රකාශ අරන්

හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නම් සැකකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිවිල් පුද්ගලයින් 08 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිසිය පවසනවා.

ඉකුත් 25 වැනිදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (30) දිනයේ දී නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ, 2026.10.25 වන දින හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග පරිදි බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරමින් පවතින බවයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධව පූර්ණ විර්මශනයක් ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කර ඇති අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් සියළුම සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට සිවිල් පුද්ගලයින් 08 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බව නිවේදනයේ සඳහන්.

එමෙන්ම 2026.10.24 වන දින මිය ගිය සැකකරු සමඟින් එදින රාත්‍රීයේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බැවින් අධිකරණයෙන් ලබාගත් නියෝග පරිදි ඊයේ (29) දින බන්ධනාගාරයට ගොස් මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද විර්මශන නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

2026.10.28 දින අත්අඩංගුවට ගන්නා ලද හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයා 2026.10.29 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 2026.11.12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මිය ගිය සැකකරු 2026.10.24 වන දින රිය අනතුරකින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හෝමාගම රෝහලට ඇඳ හිස පත් අංක 65644/2026 යටතේ පස්වරු 01.05 ට ඇතුළත්ව ඇති අතර එදිනම පස්වරු 05.55 ට අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවටද විර්මශනයේදී අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධවද අධිකරණයට කරුණු වාර්තා කිරීමට විර්මශන නිලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නයි බස්තමත් අරගෙන නුවර ඉදලා කොළඹට පා ගමනේ වඩින භික්ෂුව - දළඳා මාළිගාවෙදි පොලිසිය එක්ක පැටලෙයි
02:28
Video thumbnail
කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගැනීමේ තීරණයක් - බිමල් සියල්ල හෙළිකරයි
03:45
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15