පාකිස්ථානයේ ලාහෝර් නගරය, ලොව වඩාත්ම වායු දූෂණයට ලක්වූ ප්රධාන නගරය ලෙස යළිත් ශ්රේණිගත වී තිබෙනවා.
ඔක්තෝබර් 28 වැනිදා පෙරවරු 10ට ලබාගත් දත්ත අනුව, ලාහෝර් නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 296ක් ලෙස සටහන් වී ඇති බව ස්විට්සර්ලන්තයේ IQAir වායු තත්ත්ව නිරීක්ෂණ වේදිකාව වාර්තා කරනවා.
එම ශ්රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ඊජිප්තුවේ කයිරෝ නගරයට හිමිව ඇති අතර, එහි වායු තත්ත්ව දර්ශකය ඒකක 289කි. ඒකක 272ක අගයක් සහිත ඉන්දියාවේ නවදිල්ලි නගරය තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.
උස්බෙකිස්ථානයේ ටෂ්කන්ට් නගරය සිව්වැනි ස්ථානයටත්, පාකිස්ථානයේ කරච්චි නගරය පස්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.
ලාහෝර් සහ කයිරෝ නගරවල වායු තත්ත්වය, දර්ශකයේ ‘ඉතා සෞඛ්යයට අහිතකර’ කාණ්ඩයට අයත් වන බව වාර්තා වනවා.
කර්මාන්තශාලා විමෝචන, වාහනවලින් පිටවන දුම, අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වන වගා අපද්රව්ය දහනය කිරීම සහ වායු ප්රවාහ රටා මෙම දූෂණයට බලපාන ප්රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.
ශීත කාලගුණය ආරම්භ වීමත් සමඟ ලාහෝර් නගරය පුරා දුමාරය තීව්ර වී ඇති අතර, එමඟින් දෘශ්යතාව ද අඩු වී තිබෙනවා.
විශේෂයෙන්ම ළමුන්, වැඩිහිටියන් සහ හෘද හා ශ්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙම තත්ත්වය සෞඛ්ය අවදානම් ඇති කළ හැකි බැවින්, වායු දූෂණ මට්ටම් ඉහළ පවතින අවස්ථාවල දීර්ඝ වේලාවක් එළිමහනේ වෙහෙසකර ක්රියාකාරකම්වල නිරත වීම සීමා කරන ලෙසයි ජනතාවට උපදෙස් දී ඇත්තේ.
හොංකොං සික්සස් 2026 තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ දී බංග්ලාදේශයෙන් ශ්රී ලංකාවට
ලකුණු 128ක ඉලක්කයක්.
dasathalankanews.com
🟠 WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VarihUt9WtBwt0jbvr47
කාසිය වාසිය දිනූ ශ්රී ලංකා නායකයා
පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
