යෝෂිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණ දී ඇරඹේ

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙනවා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි විභාගය ආරම්භ වී තිබෙනවා.

රුපියල් ලක්ෂ 730 කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05 ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.