පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ඉහළ දමා තිබෙනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද රුපියල් 05කින් ඉහළ දමන බවයි.

තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දැමීමට පසුගිය 21 වනදා තිරිඟු පිටි සමාගම් පියවර ගැනීමත් සමඟ මෙලෙස බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.