පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු නිකවැරටිය රෝහලේ දී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
රාජකාරි පැහැර හැරීමක් මත පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කර ඇති බවයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ.
කොබෙයිගනේ, බැද්දේගම ප්රදේශයේ දී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු ගම්වාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දීමෙන් පසු, සැකකරු පොලිස් භාරයේ සිට රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් තිබුණා.
පසුගිය සඳුදා (25) දහවල් මෙම සැකකරු ප්රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දී ඇති අතර, ඉන් අනතුරුව දින දෙකක් පුරා ඔහු පොලිස් අත්අඩංගුවේ සිට ඇති බවයි වාර්තා වුණේ.
