හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව විවෘත වරෙන්තු

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර බ්‍රවුන් හීල්ස් ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධව පවතින නඩුකරය අද (27) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.

මෙහිදී සැකකාර හිටපු අමාත්‍යවරයා අද (27) දිනයේ ද අධිකරණය හමුවෙි පෙනී නොසිටි අතර, එහිදි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු අමාත්‍යවරයාට ගුවන් ගමන් යාමට නොහැකි බවත් එ වෙනුවෙන් නීතිඥ මඩුල්ලට පෙනී සිටීමට අවසර ඉල්ලා ඇති බවයි.

එහිදී එම ඉල්ලීම අධිකරණය මගින් නිෂ්ප්‍රභා කර ඇති අතර, ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කරනු ලැබුවා.