හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටිය දී ඉෂාර හර්ෂ කුමාර නැමැති සැකකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා
ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල පළකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව වහාම අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
අත්අඩංගුවේ පසුවන සෑම තැනැත්තෙකුගේම ජීවිතය සහ ශාරීරික අඛණ්ඩතාව සුරැකීම රාජ්යයේ මූලික වගකීමක් වන අතර, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(4) වගන්තියට අනුව නිසි අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි කිරීමට කිසිදු බලධාරියෙකුට අයිතියක් නොමැති බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
නීති විරෝධී ලෙස අත්අඩංගුවේ දී සිදුවන හිංසනයන් හා මරණයන් හෙළා දකින බවත්, මෙම සිදුවීමට අදාළව ඉදිරියේ දී අවශ්ය වන නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.
මත්ද්රව්ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකරුට පොලිස් ස්ථානය තුළ දී අමානුෂික ලෙස පහර දී ඝාතනය කර ඇති බව ඔහුගේ ඥාතීන් චෝදනා කර සිටිනවා.
කෙසේ වෙතත්,සැකකරුර ඇති වූ හදිසි අසනීප තත්ත්වයකින් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව පොලිසිය සඳහන් කළා.
