මාතර, තලල්ල වෙරළ තීරයේ දී උර 10ක සහ ගමන් මලු 11ක තිබී දී සොයාගෙන ඇත්තේ අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය බව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය විසින් තහවුරු කරගෙන තිබෙනවා.
ඒ, අනුව කිලෝග්රෑම් 475කට අධික අයිස් සහ හෙරොයින් මත්ද්රව්ය තොගයක් මේවායේ තිබී හමුවූ බවයි ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර පැවසුවේ.
පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්රව්ය තොගය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර පරික්ෂාවේදී, එම මත්ද්රව්ය තොගයෙහි පාර්සල් 200ක අසුරන ලද අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් දෙසීයකට අධික තොගයක් සහ පාර්සල් 275ක අසුරන ලද හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් දෙසීය හැත්තෑ පහකට අධික තොගයක් ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.
ඩිංගි යාත්රාවකින් මෙරටට ගෙන එනු ලැබූ මත්ද්රව්ය බවට සැක කරන උර 10ක් සහ ගමන් මලු 11ක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී අද (24) උදෑසන මාතර, තලල්ල වෙරළ තීරයේදී සොයා ගැනුණා.
එම මත්ද්රව්ය තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
