විහාර මහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට පිහි දෙකක් රැගෙන ආ අයෙක් අත්අඩංගුවට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහය අසළට පිහි දෙකෙක් සමඟ පැමිණි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේදී සැකකටයුතු අන්දමින් ඒ අසළ භුමියේ සැරිසැරූ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් එහි සිටි පිරිස පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඔහුව පරික්ෂාවට ලක්කර තිබුණා.

එහිදී ඔහු සන්තකයේ දී තිබී කුඩා ප්‍රමාණයේ පිහි දෙකෙක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

පසුව කුරුඳුවත්ත පොලිසිය විසින් එම සැකකරුව රැගෙන ගොස් තිබෙනවා.