නව ධීවර පරීක්ෂකවරු 30 දෙනෙක් සේවයට බඳවා ගැනේ

නව ධීවර පරීක්ෂකවරුන් 30 දෙනෙකු සේවයට එක් කරගැනීම අද (21) දින ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

වසර ගණනාවක් පුරා සාම්ප්‍රදායික රාමුවකට කොටුවී පැවති දේශීය ධීවර කර්මාන්තය, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වූ වෘත්තීය ක්ෂේත්‍රයක් බවට පත්කිරීමේ රජයේ නව වැඩපිළිවෙල යටතේ මෙම පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

දිවයින පුරා ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කරමින්, ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා මෙම නව නිලධාරීන්ගේ සේවය යෙදවීමට නියමිතයි.

නව ධීවර පරීක්ෂකවරුන් සඳහා සිය උණුසුම් සුබපැතුම් එක් කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “ඔබේ අනාගතයට සුබ පතමින් මා අද මේ පත්වීම් ලිපි ඔබට ලබා දෙනවා. අපගේ ධීවර කර්මාන්තය නව දිශානතියකට ගොඩනැගීමට අවශ්‍ය නව ජවය සහ ශක්තිය අද පත්වීම් ලබන ඔබගෙන් අපට ලබාගන්නට පුළුවන් වෙයි කියා මා දැඩිව විශ්වාස කරනවා.”

කර්මාන්තයේ ඉදිරි ඉලක්ක සහ අභියෝග පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, “අප ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ ධීවර කර්මාන්තය නවීනත්වය සමඟ මුසු වූ කර්මාන්තයක් බවට පත් කිරීමයි; එම වගකීම අප සියලු දෙනාටම පැවරී තිබෙනවා.” යැයි ප්‍රකාශ කළේය. “ඒ සඳහා, අද දින නව පත්වීම් ලද ඔබත්, මා ඉදිරියේ සිටිනා අනෙකුත් නිලධාරීනුත් මේ ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වී එකට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.”

ධීවර ක්ෂේත්‍රයට නව තාක්ෂණය මුසු කිරීමේ දැඩි අවශ්‍යතාවය පෙන්වා දෙමින් එතුමා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය. “තාක්ෂණයෙන් පිරිපුන් ධීවර වෘත්තීයක් නිර්මාණය කිරීම අප අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණක් වෙනවා. එබැවින්, අප මෙම කර්මාන්තය නවීන කර්මාන්තයක් බවට අනිවාර්යයෙන්ම පත් කළ යුතු වෙනවා.”
අවසාන වශයෙන්, සේවයට එක්වන නව නිලධාරීන් වෙත සිය ඍජු පණිවිඩය ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, “මෙම යාවත්කාලීන ධීවර කර්මාන්තය ගොඩනැගීමේ භාරදූර වගකීමේ කොටස්කරුවෙකු බවට අද සිට ඔබ පත් වෙනවා. ඉදිරියේදී අප ධීවර කර්මාන්තය නවීකරණය කරමින්, එය තාක්ෂණයෙන් සන්නද්ධ වූ කර්මාන්තයක් බවට පත් කරනවා.” යනුවෙනි.

මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍ය බී.කේ.කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09