පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිලත් ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 5.00කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස මිල ඉහළ දැමීමට කටයුතු කරන බවයි එම සංගමය සඳහන් කළේ.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි එම සංගමය පවසන්නේ.

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13 කින් ඉහළ නැංවීමට තිරිඟු පිටි ආනයනකරුවන්ගේ සමාගම් තීරණය කර තිබුණා.