කඩුගන්නාවේ දී බස් රථයක් මතට ගලක් පතබෑවෙලා – බසයේ සිටි දෙදෙනෙක් රෝහලේ

කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මතට පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී ගලක් පතිත වී තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර, බස් රථයේ වහළය මතට පතිත වූ ගල වහළය සිදුරුකරගෙන බස් රථය තුළට වැටී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී බස් රථය තුළ සිටි මගීන් දෙදෙනෙක් තුවාල ලබා පේරාදෙණියේ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී කඩුගන්නාව ප්‍රදේශයට දැඩි වර්ෂාවක් ද ඇඳ හැලෙමින් පැවති බවයි වාර්තා වුණේ.