කාවන්තිස්සගේ මරණ පරීක්ෂණය දෙස් විදෙස් විශේෂඥයින් උපයෝගී කරගෙන සිදුකළ යුතුයි – විපක්ෂ නායක

කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය විශේෂඥයින් උපයෝගී කරගනිමින් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දේශීයව සහ විදේශීය විශේෂඥයන් මූලික කර ගෙන විධිමත් කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව සඳහන් කරන විපක්ෂ නායකවරයා ඒ තුළින් නිවැරදි කරුණු අනාවරණය කළ හැකි බවයි පවසන්නේ.

සියඹලන්ගමුවේ දී මියගිය කාවන්තිස්ස ඇතාට අවසන් ගෞරව දැක්වීමට අද (17) එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

මේ අතර ජාත්‍යන්තරව ආධාර ලබාගෙන අලින් සහ සතුන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්න වෙනම රෝහලක් ස්ථාපිත කළ යුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.