අද (17) සවස 6:30 පමණවන විට මුළු විදුලි පද්ධතියම යථාවත් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු සඳහන් කරනවා.
එමෙන්ම අද (17) පෙරවරුවේ බිඳ වැටුණු පද්ධතිය, මධ්යහ්නයේ සිට යථා තත්ත්වයට පත් කිරීම සාර්ථකව සිදුවුණ අතර, ඇතැම් ප්රදේශවලට මේ වන විටත් විදුලිය යථාවත් කර ඇති බවයි ජාතික පද්ධති ක්රියාකරු දැනුම් දෙන්නේ.
මේ අතර ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිරෙන පුවත්වල කිසිඳු සත්යතාවක් නොමැති බවත්, නොරෝච්චෝලයේ ගල් අඟුරු බලාගාරය පමණක් මෙවැනි පද්ධති බිඳවැටීමක දී නිසි ක්රමවේදය අනුව ක්රියා විරහිත කර ඇති බවත් ජාතික පද්ධති ක්රියාකරු නිවේදනය කරනවා.
