ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත්වරක් සැලකිය යුතු මට්ටකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
වාර්තා අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළිත්වරක් ඩොලර් 110 සීමාව පසුකර ගොස් ඇති අතර, මෙලෙස බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව පසුකර ගොස් ඇත්තේ මැයි මාසයෙන් පසුව වීම විශේෂතත්වයක්.
හෝමූස් සමුද්ර සන්ධියේ ඉරාන ප්රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති ප්රහාර සහ රුසියානු තෙල් පිරිපහදුවලට දිගින් දිගටම ප්රහාර එල්ල කරන බවට යුක්රේනය කළ ප්රකාශය හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්රයෙන් ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
අවසන් වරට බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.86ක් ලෙසත්, අමෙරිකානු WTI බොරතෙල් මිල ඩොලර් 101.41ක් ලෙසත් සටහන්ව තිබුණා.
