පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය වෙත පස් කන්දකින් කොටසක් සෝදාගෙන විත් අද (17) අලුයම යළිත් දුම්රිය මාර්ගය දුම්රිය මාර්ගය අවහිර වී තිබෙනවා.

මෙලෙස දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් පොල්ගහවෙළ සිට ගම්පොළ බලා ධාවනය වන දුම්රිය සහ ගම්පොළ හා කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් ගමන් ආරම්භ කිරීම ප්‍රමාදවන බවයි වාර්තා වන්නේ.